hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 03, ප.ව. 8:42



ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි එක් දිනකදී මහ මැතිවරණය​​, ප්‍රාන්ත මැතිවරණ​, ප්‍රාදේශීය සහ පන්චායත් මැතිවරණ යන සියල්ලම පැවැත්වීමේ යෝජනාවට පහර දී තිබෙනවා.

සිය X (කලින් ට්විටර්) ගිණුම ඔස්සේ අදහස් දක්වන ඔහු සඳහන් කරන්නේ ඉන් දියාව යනු ප්‍රාන්තවල එකමුතුවක් බවයි. “එක් රටක්, එක් මැතිවරණයක්” යෝජනාව ප්‍රාන්තවලට මෙන්ම එකමුතුවට ද එල්ල කරන පහරක් බවයි ඔහු සඳහන් කළේ.

ඉන්දීය ආණ්ඩුව සෙනසුරාදා “එක රටක්, එක මැතිවරණයක්” ක්‍රියාවලිය පිළිබඳ සොයාබැලීම සඳහා හිටපු ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගේ සභාපතිත්වය යටතේ කමිටුවක් පත් කළා. මෙමගින් එම යෝජනාව ක්‍රියාවට නැගීම පිළිබඳවත්, ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනත් ආදිය පිළිබඳ කරුණු විමසීමයි.

මෙම කමිටුවට සහභාගී වීම එහි සාමාජිකයකු ලෙස නම් කළ කොන්ග්‍රස් පක්ෂ මන්ත්‍රී ආදිර් රන්ජන් චෞද්රී ප්‍රතික්ෂේප කළා. එමෙන්ම රාජ්‍ය සභාවේ විපක්ෂ නායක මලික්අර්ජුන් කර්ගේ එහි සාමාජිකයකු ලෙස නම් නොකිරීම ද විපක්ෂයේ විවේචනයට හේතු වී තිබෙනවා. රාජ්‍ය සභාවේ හිටපු විපක්ෂ නායක ගුලාම් නබි අසාද් එහි සාමාජිකයකු වනවා.