hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 ජනවාරි 22, පෙ.ව. 11:50



ඉන්දියාවේ අයෝධ්‍යාවේ රාම කුමරු උපත ලද්දේ යයි හින්දූන් විසින් විශ්වාස කරනු ලබන ස්ථානයෙහි ඉදිකෙරුණ රාම් මන්දීර් දෙවොලෙහි ප්‍රාණ ප්‍රතිෂ්ඨා උළෙල අද පැවැත්වෙනවා.

අගමැති නරේන්ද්‍ර මෝදි මේ සඳහා මේ වනවිට අයෝධ්‍යාව කරා පැමිණ ඇතැයි වාර්තා වුණා.

මෙම ස්ථානයෙහි කලින් මුස්ලිම් පල්ලියක් (බබ්රි මස්ජිද්) පැවති අතර හින්දූන් විශ්වාස කළේ එය ඊටත් පෙර තිබූ රාම් දෙවොලක් කඩා ඉදිකළ එකක් බවයි. 1992 දෙසැම්බර් 6 වනදා එම පල්ලිය හින්දු අන්තවාදීන් විසින් කඩා දමනු ලැබුණා.

පුරා විද්‍යා සාධක සහ අනෙකුත් සාක්ෂි පදනම්ව මෙම ස්ථානයෙහි කලින් දෙවොලක් වූ බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 2019 දී තීරණය කළා. රාම් මන්දීර් ඉදිකිරීමට අවස්ථාව ලැබුණේ ඒ අනුවයි.