hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජනවාරි 07, පෙ.ව. 11:43



ජනවාරි 22 වනදා අයෝධ්‍යාවේදී රාම් මන්දීර් දෙවොල විවෘත කිරීම සඳහා පවත්වන උත්සවයට සහභාගී වන්නේද යන ප්‍රශ්නය කොන්ග්‍රස් පක්ෂයට ඇතිවී තිබෙනවා.

ඉන් දියාවේ දේශපාලන වාර්තා පවසන පරිදි මේ ගැන මත දෙකක් පක්ෂය තුළ තිබෙන අතර ඊට පක්ෂ සහ විපක්ෂ පිරිස් පක්ෂයෙහි නායකත්වය තුළ සිටින බවයි දැනගන්නට ඇත්තේ.

මෙම උළෙලට සහභාගී වීම ප්‍රතික්ෂේප කරන්නන් ඊට කරුණු තුනක් ගෙනහැර දක්වන බව සඳහන්. එකක් නම් එමගින් දේශපාලනික හින්දුත්වවාදයේ ජයග්‍රහණය පිළිගැනීම සහ කොන්ග්‍රස් පක්ෂයේ ලෞකික ස්ථාවරය පරාජය වීමත් සංකේතවත් වන බවයි. දෙවැන්න නම් කවුරුන් ඊට සහභාගී වුවත් එහි ප්‍රධාන භූමිකාව හා අවධානය යොමුවන්නේ අගමැති නරේන්ද්‍ර මෝදිට වීමයි. තුන්වැන්න නම් INDIA සන්ධානයේ බෙදීම් ඇතිවීමට එය හේතු වීමයි. සන්ධානයේ ඇතැම් කණ්ඩායම් දැනටත් මෙම උළෙලට සහභාගී නොවන බව පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම උළෙලට සහභාගී නොවන්නේ නම් එය කොන්ග්‍රස් පක්ෂය හින්දු විරෝධී පක්ෂයක් යැයි තවදුරටත් හංවඩු ගැසීමට හේතු වන බවත් එහෙයින් එයට සහභාගී විය යුතු බවත් අනෙක් පාර්ශවයේ මතය වනවා.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මේ හේතුව නිසාවෙන් කොන්ග්‍රස් පක්ෂයේ සහභාගීත්වය මෙම උත්සවයට ලැබීමේ වැඩි ඉඩක් ඇති බවයි.