hit counter

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 10, පෙ.ව. 11:51



ඉන්දියාවේ විශාලම සමාගමක් ලෙස ලෝ සුපතල ටාටා සමාගමේ සභාපති ලෙස දිගු කලක් කටයුතු කළ රටන් ටාටා ඊයේ මියගිය බව ටාටා පුත්‍රයෝ සමාගමේ වත්මන් සභාපතිවරයා ඊයේ නිවේදනය කළා.

ටාටා සමූහ ව්‍යාපාරය සහ ටාටා පුත්‍රයෝ සමාගම් 1990 සිට 2012 දක්වා ද ඉන් අනතුරුව 2016-17 සමයෙහි කෙටි කලකට ද මෙහෙයවූ රටන් ටාටා ඉන්දියාවේ සුප්‍රකටම වූ ව්‍යාපාරිකයකු වුණා. ටාටා සමූහ ව්‍යාපාරය ඉන්දියාවෙන් ලෝකයට ව්‍යාප්ත වීමේ වැදගත්ම කාර්යයභාරයක් සිදුකෙරුණේ රටන් ටාටා එහි සභාපති ලෙස කටයුතු කරන සමයේ යි. ඉංග්‍රීසි-ඕලන්ද වානේ සමාගමක් වූ කෝරස් සමාගම​, ජගුවර් සහ ලෑන්ඩ් රෝවර් සන්නාම මෙන්ම ලොව දෙවැනි විශාලම තේ සාමාගම වූ ටෙට්ලි වැනි ව්‍යාපාර ඔහුගේ නායකත්වය යටතේ ටාටා සමාගම විසින් මිලදී ගනු ලැබුණා.

මිය යනවිට රටන් ටාටා 86 වන වියෙහි පසුවුණා.