hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 ජූනි 10, පෙ.ව. 2:57



ජනතාව තමන්ට බලය ලබාදීමට තීරණය කරන්නේ නම් තමන් ඊට සූදානම් බව ප්‍රංශයේ ජාතික රැළිය පක්ෂයේ මාරීන් ලෙ පෙන් පවසනවා.

ඇය කියා සිටියේ යුරෝපා මැතිවරණ ප්‍රතිඵලය ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ට ඍජු පණිවිඩයක් ලබා දී ඇති බවයි.

මැක්‍රොන් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය පිළිබඳ තමන් සතුටු වන්නේ යයි ද ලෙ පෙන් කියා සිටියා.

මේ අතර රිපබ්ලිකන් පක්ෂයේ නායක එරික් සියොට්ටි ද මැක්‍රොන්ගේ තීරණය අනුමත කළා. යුරෝපා මැතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව වෙනත් විසඳුමක් මැක්‍රොන්ට නැතැයි ඔහු කියා සිටියා.

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ප්‍රංශය තුළ ඡන්ද විමසීමෙන් ජාතික රැළිය සියයට 31 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරන බව සමීක්ෂණ වාර්තා පෙන්වා දුන්නා. මැක්‍රොන්ගේ පක්ෂයට ලැබෙනු ඇත්තේ සියයට 15 ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පමණයි.