hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 11, ප.ව. 7:58



රතු මුහුදේ හූති කැරලිකරුවන් විසින් එල්ල කරනු ලබන ප්‍රහාර හේතුවෙන් රක්ෂණ සහ නැව් ගාස්තු ඉහළ ගියද පොදුවේ ලෝක ආර්ථිකය වෙත එහි බලපෑම සීමා සහිත බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙහි ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසනවා.

එම ගැටළුවෙහි බලපෑම වඩාත්ම කලාපීය වශයෙන් දැනෙන්නක් බවත් ඊජිප්තුවට එයින් වැඩිම බලපෑමක් එල්ල වූ බවත් ඇය කියා සිටියා.

සූවස් ඇළ ඔස්සේ නැව් ගමනාගමනය හූති ප්‍රහාර හේතුවෙන් අඩකින් පමණ අඩු වූ අතර එහෙයින් ඊජිප්තුවට එම නැව්වලින් අය කරන ගාස්තුවලින් ලැබෙන ආදායමේ සීඝ්‍ර අඩුවකට මුහුණ දීමට සිදුවුණා. ඊජිප්තුවට මේ නිසා අඩුවී ඇති ආදායම මාසයකට ඩොලර් මිලියන 100 ක් පමණ වනවා.

කෙසේ වෙතත් ජෝර්ජියේවා කියා සිටින්නේ රතු මුහුදේ අර්බුදය වැනි කලින් බලාපොරොත්තු නොවූ ආකාරයේ අර්බුද මගින් ලෝක ආර්ථික වර්ධනයට පොදුවේ ඇති කරන බලපෑම එතරම් සුබදායක නොවන බවයි.