hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2024 ජූලි 05, පෙ.ව. 9:28



තම මීළඟ ඉලක්කය වන්නේ ලේබර් පක්ෂය වෙත ඡන්දය පළකල ජනතාව තමන් වෙන ආකර්ශණය කරගැනීම බව රිෆෝර්ම් UK නායක නයිජල් ෆරාජ් සඳහන් කළා.

තම ආසනය වන ක්ලැක්ටන් ජයගැනීමෙන් අනතුරුව ඔහු පැවසූයේ ලේබර් පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය එතරම් විශාල නොවන බවයි. සති කිහිපයක් තුළ රිෆෝර්ම් UK පක්ෂය ලබාගත් ප්‍රතිඵලය ගැන තමන් සතුටු වන බවත් සමානුපාත ක්‍රමයක් පැවතියේ නම් මීටත් වඩා සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන බවත් ඔහු සඳහන් කළා.

රිෆෝර්ම් UK පක්ෂය මෙවර මැතිවරණයේදී ආසන කිහිපයක් දිනාගන්නා බව පෙනී යන අතර සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් ද ලබාගෙන තිබෙනවා.