hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 ජනවාරි 21, ප.ව. 1:21



ඉරාකයේ අල් අසාද් ගුවන් හමුදා කඳවුර වෙත රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා. බටහිර ඉරාකයේ අන්බාර් ප්‍රාන්තයේ පිහිටි මෙම කඳවුර ඉරාකයේ ඇමරිකානු හමුදා රැඳී සිටින ප්‍රධානම කඳවුරක් වනවා.

මෙම කඳවුර වෙත ඊයේ එල්ල වූ ප්‍රහාරයේදී රොකට් 40 ක් පමණ එල්ල වූ බවයි වාර්තා වන්නේ. කඳවුරෙහි ඇමරිකානු සෙබළුන්ට සුළු තුවාල සිදුව ඇතැයි බලධාරීන් සඳහන් කළ නමුත් ඒ පිළිබඳ වැඩිදුර විස්තරයක් පළ වී තිබුණේ නැහැ.

මෙම ප්‍රහාරය ඉරාන සහය ලබන මිලිටරි කණ්ඩායම් විසින් එල්ල කරන්නට ඇතැයි සැලකෙනවා.