2023 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:21
ඊශ්‍රායලයට එරෙහිව හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරය පිටුපස රුසියාව සිටි බවක් නොපෙනෙන බව ඉතාලි ආරක්ෂක ඇමති ගුයිඩෝ ක්‍රොසෙට්ටෝ පවසා තිබෙනවා.
එරට පුවත්පතක් හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් පවතින තත්ත්වයෙන් තමන්ට ඇති වාසි කුමක්දැයි විමසිල්ලෙන් සිටින බවයි.
හමාස් සංවිධානය අවුළුවාලීමේදී වෙනත් රටවල් යම් යම් කාර්යයක් කළ ද රුසියාව ඊට සම්බන්ධ නොවූ බවයි ක්‍රොසෙට්ටෝ පවසන්නේ.
එමෙන්ම හමාස් සංවිධානය පරාජය කිරීම යනු සමස්ථ ගාසා වැසියන් වෙතම ප්‍රහාර එල්ල කිරීම නොවන බව ද ඔහු පෙන්වා දුන්නා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38