hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 29, ප.ව. 9:36



රුසියාව දැනටමත් ක්‍රය ශක්ති සාම්‍යය අනුව යුරෝපයේ විශාලම ආර්ථිකය බවත් ලෝකයේ සිව්වැනි විශාලම ආර්ථිකය බවට පත්වීමට එයට හැකියාව ඇති බවත් ජනාධිපති ව්ලදිමීර් පුටින් පවසනවා.

පාර්ලිමේන්තුව අමතා කරන ඔහුගේ වාර්ශික ජාතිය ඇමතීමේදී පුටින් කියා සිටියේ 2023 දී රුසියානු ආර්ථික වර්ධනය G-7 රටවල් සියල්ල අභිබවා ගිය බවයි.

ලෝක බැංකු දත්ත අනුව ක්‍රය ශක්ති සාම්‍යය සැලකූ විට රුසියාව ලොව පස්වැනි විශාලම ආර්ථිකය වන අතර යුරෝපයේ විශාලම ආර්ථිකයයි.

සම්බාධක විශාල ප්‍රමාණයකට මුහුණ දී සිටිද්දී ද රුසියානු ආර්ථිකය සියයට 3.6 ක වර්ධනයක් 2023 දී පෙන්නුම් කර තිබෙනවා. ජර්මනියේ ආර්ථිකය එම වසර තුල සියයට 0.3 කින් පහළ වැටුණ අතර බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධනය සියයට 0.1 ක් වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ එම අගය සියයට 2.5 ක්.