2024 අගෝස්තු 26, ප.ව. 6:38
අද උදෑසන යුක්රේනයේ ඉලක්ක ගණනාවකට රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වුණා. මේ හේතුවෙන් යුක්රේනයෙහි බොහෝ ප්‍රදේශයන් හි විදුලි බලය ඇණහිටීම් ද වාර්තා වුණා.
කියෙව්, හර්කෆ්, විනිත්සියා, ඔඩේසා, ක්‍රෙමෙන්චුක්, සපරෝෂියා, ද්නීප්‍රෝ, හ්මෙල්නිත්ස්කි, ක්රොපිවිත්ස්කි, ක්‍රිවි රීහ් යන නගර ආශ්‍රිතව මෙන්ම ල්විව්, රිව්නෙ, ඉවානෝ-ෆ්රන්කිව්ස්ක්, සිතොමීර් යන පළාත්වලින් ද පිපිරීම් වාර්තා වුණා.
සකර්පාතියා පළාතේදී යුක්රේන මැශින් තුවක්කුකරුවන් විසින් රුසියානු කෲස් මිසයිලයක් විනාශ කළ බව ද වාර්තා වී තිබුණා.
රුසියාව පැවසූයේ කියෙව්, විනිත්සියා, සිතොමීර්, හ්මෙල්නිත්ස්කි, ද්නීප්රොපෙත්රොව්ස්ක්, පල්තාවා, මිකොලයෙව්, කිරොවග්රාද් සහ ඔඩේසා ප්‍රදේශයන් හි විදුලි උපපොළවල් සහ ල්විව්, ඉවානෝ-ෆ්රන්කිව්ස්ක් සහ හර්කෆ් හි ගෑස් පොළවල් මෙන්ම බටහිර රටවලින් ලැබුණ අවි ගබඩා කළ ස්ථාන ද තමන් ඉලක්ක කළ බවයි.
මේ අතර අද උදෑසන රුසියාවේ සරතෝෆ් හි මහල් නිවාස සංකීර්ණයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිව් දෙනකු තුවාල ලද බව රුසියාව වාර්තා කළා. තවද දහවල් කාළයේ එංගල්ස් නගරයේ මහල් නිවාස සංකීර්ණයකට ද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව එරට මාධ්‍ය පැවසුවා.
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15