hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 19, ප.ව. 2:36



රුසියාව සහ උතුරු කොරියාව නව සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් අද ප්යොංග්යාන් නගරයේදී මෙම ගිවිසුමට අත්සන් තැබුවා.

මෙම ගිවිසුම 1961 සහ 2000 වසරවල අත්සන් කළ ගිවිසුම් වෙනුවට ක්‍රියාවට නැගෙනු ඇතැයි සඳහන් වුණා.

ව්ලදිමීර් පුටින් ඊයේ රාත්‍රියේ උතුරු කොරියාවේ ප්යොංග්යාන් වෙත පැමිණි අතර එරට නායක කිම් ජොංග්-උන් විසින් ඔහුව පිළිගනු ලැබුණා.

පුටින් මීට ප්‍රථම උතුරු කොරියාවට පැමිණියේ කිම් ජොංග්-උන්ගේ පියා කිම් ජොංග්-ඉල් රාජ්‍ය නායකයාව සිටි අවධියේ යි. ඒ 2000 වසරේදී.

පුටින් කියා සිටියේ තම සංචාරය දෙරටටම ඵලදායී වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.