2025 පෙබරවාරි 19, ප.ව. 12:56
යුක්‍රේනයට අනාගතයේදී සාමසාධක හමුදාවන් යැවීමට ඇමරිකාව විසින් යෝජනා කරන ලදැයි සැලකෙන සැලැස්මට රුසියාවේ විරෝධය පළවී තිබෙනවා.
ඇමරිකානු සැලැස්ම වූයේ යුරෝපීය රාජ්‍යයන් විසින් සාමසාධක භටයන් යැවීමයි. ඒ පිළිබඳව මේ වනවිට රටවල් කිහිපයක්ම සලකා බලන බව සඳහන් වන අතර බ්‍රිතාන්‍යය දැනටමත් ඊට කැමැත්ත පළකර තිබෙනවා.
කෙසේ වෙතත් රුසියාව පවසන්නේ නේටෝ සාමාජික රටවල භටයන් කිනම් ආකාරයකින් හෝ සාමසාධක භටයන් ලෙස යුක්‍රේනයට පැමිණීම පිළිබඳව තමන් විරුද්ධ වන බවයි.
මේ අනුව ඇමරිකානුවන් සැලසුම් කළ සාමසාධක වැඩපිළිවෙල ඇණහිටීමට ඉඩකඩ තිබෙනවා.
2025 පෙබරවාරි 20, ප.ව. 9:41
2025 පෙබරවාරි 20, ප.ව. 9:30
2025 පෙබරවාරි 20, ප.ව. 9:22
2025 පෙබරවාරි 19, ප.ව. 12:49
2025 පෙබරවාරි 18, ප.ව. 4:45