2025 ජූලි 04, ප.ව. 7:46
රුසියාව ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ආණ්ඩුව සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා නිල වශයෙන් අරඹා තිබෙනවා. තලේබාන් තානාපතිවරයා රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අලෙක්සන් දර් රුදෙන්කෝ වෙත අක්තපත්‍ර භාර දුන් බව මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා.
රුසියාව සහ ඇෆ්ගනිස්ථානය අතර ආරක්ෂාව, බලශක්තිය, ගමනාගමනය ආදී ක්ෂේත්‍රයන් හි සහයෝගීතාවය පුළුල් වීම මේ අනුව සිදුවේ යැයි විශ්වාස කෙරෙනවා.
2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගන්නා අවස්ථාව වනවිට එය රුසියාවේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබුණා. නමුත් පසුව රුසියාව සහ තලේබාන්වරුන් අතර සබඳතා පුළුල් වූ අතර ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් එය ඉවත් කිරීමට ද රුසියාව කටයුතු කළා. එමෙන්ම රුසියාවේ පැවැත්වෙන විවිධ ජාත්‍යන්තර සමුළු සඳහා ද තලේබාන් නියෝජිතයන් එක්වුණා.
තලේබාන් සංවිධානය 1996-2001 සමයෙහි ඇෆ්ගනිස්ථානය පාලනය කරන සමයේ පකිස්ථානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන් සමග තානාපති සබඳතා පැවැත්වූවා. 2021 න් පසුව චීනය ඇතුලු ඇතැම් රටවල් තලේබාන් පාලනය සමග සමීප සබඳතා ගොඩනගාගත් නමුත් ඔවුන් නිල වශයෙන් තානාපති සබඳතා මෙතෙක් අරඹා නැහැ.
2025 ජූලි 02, පෙ.ව. 10:02
2025 ජූලි 02, පෙ.ව. 9:47
2025 ජූලි 02, පෙ.ව. 6:53
2025 ජූලි 01, ප.ව. 1:52
2025 ජූනි 24, ප.ව. 6:59