hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2025 පෙබරවාරි 12, ප.ව. 10:51



යුක්‍රේන යුද්ධය අවසාන කිරීම සඳහා දෙපාර්ශවය සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වුවහොත්, එහිදී යුක්‍රේනය යටතේ ඇති රුසියානු භූමිය වෙනුවට රුසියාව අත ඇති යුක්‍රේන භූමිය හුවමාරු කරගැනීමට හැකියාව ඇතැයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් සඳහන් කළේ රුසියාවට අයත් භූමිය හුවමාරු කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

යුක්‍රේනයට 2014 ට පෙර අයත්ව තිබූ ක්‍රිමියාව 2014 දී රුසියාව අතට පත්වූ අතර 2022 පෙබරවාරියෙන් පසු ලුහාන්ස්ක් පළාත සම්පූර්ණයෙන්ම පාහේ ඔවුන් අතට පත්වුණා. දන්යේත්ස්ක්, සපරෝෂියා සහ හර්සොන් පළාත්වල ද විශාල ප්‍රදේශයන් ඔවුන් අත පවතිනවා. එම පළාත් හතර සහ ක්‍රිමියාවේ රුසියාවට ඈඳාගත් බවයි එරට ප්‍රකාශ කරන්නේ.

රුසියාවේ කුර්ස්ක් පළාතේ වර්ග කිලෝමීටර් 600 ක පමණ ප්‍රදේශයක් යුක්‍රේනය අත පවතිනවා. ඔවුන් 2024 අගෝස්තු 6 වනදා ආරම් භ කළ කුර්ස්ක් මෙහෙයුමෙන් වර්ග කිලෝමීටර් 1300 ක් පමණ අල්ලාගත් අතර ඉන් අඩක් පමණ රුසියානුවන් විසින් නැවත අත්පත් කරගෙන තිබෙනවා.