2025 මැයි 27, ප.ව. 4:04
යුක්‍රේන යුද්ධය නිම වී වසර දෙකකුත් හතරකුත් අතර කාලයක් තුළ යුරෝපයට පහරදීමේ හැකියාව ළඟාකරගැනීමට රුසියාව සමත් වනු ඇතැයි යුක්‍රේනයේ විදේශ බුද්ධි සේවයේ ප්‍රධානී ඔලෙහ් ඉවශෙන්කෝ අනතුරු අඟවනවා.
යුක්‍රින්ෆෝර්ම් වෙබ් අඩවිය සමග අදහස් දක්වන ඔහු කියා සිටියේ රුසියාවට එරෙහි සම්බාධක ඉවත් කළහොත් ඔවුන් වඩාත් ඉක්මණින් එම හැකියාව ගොඩනගාගනු ඇති බවයි.
රුසියාව වසර කිහිපයක් තුළ මෙසේ ශක්තිය වර්ධනය කරගනු ඇතැයි මීට පෙර ජර්මන් හමුදා ප්‍රධානියා මෙන්ම ජර්මන් බුද්ධි සේවා ද අනතුරු අඟවා තිබුණා.
තවද පසුගිය අප්‍රේල් මාසයේදී යුරෝපයේ ඇමරිකානු හමුදාවන් හි අණදෙන නිලධාරී ක්‍රිස්ටෝපර් කැවෝලි කියා සිටියේ රුසියාව අනුමාන කරනවාට වඩා වේගයෙන් සිය ශක්තිය වැඩිදියුණු කරගන්නා බවයි.
රුසියාවට එරෙහිව තවත් සම්බාධක පැනවිය යුතු යැයි යුරෝපා රටවල් ගණනාවක් සඳහන් කරන නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටින්නේ තවත් සම්බාධක පැනවීම පිළිබඳ මේ අවස්ථාවේ ඔහු අවධානය යොමු නොකරන බවයි.
එමෙන්ම යුක්‍රේන යුද්ධය සඳහා සාම වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගීමෙන් පසු රුසියාව සමග ආර්ථික කටයුතු නැවත ඇරඹීම කෙරේ ද ඔහුගේ අවධානය යොමුව තිබෙනවා.
2025 මැයි 26, පෙ.ව. 9:50
2025 මැයි 22, ප.ව. 8:40
2025 මැයි 15, පෙ.ව. 8:46
2025 මැයි 14, ප.ව. 2:02
2025 මැයි 14, ප.ව. 1:30