hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 මාර්තු 12, පෙ.ව. 8:41



යුද්ධයට අවශ්‍ය කාලතුවක්කු උණ්ඩ නිපදවීම අතින් රුසියාව ඉතා ඉදිරියෙන් සිටින බව CNN මාධ්‍ය ආයතනය පවසනවා. එරට විසින් මාසයකට කාලතුවක්කු උණ්ඩ 250,000 ක් පමණ නිපදවන අතර එය වසරකට මිලියන තුනක නිෂ්පාදනයක්. යුක්‍රේනය වෙත මිත්‍ර රටවලින් ලැබෙන්නේ වසරකට කාලතුවක්කු උණ්ඩ මිලියන 1.2 ක ප්‍රමාණයක් පමණයි.

මේ හේතුව නිසා රුසියානු හමුදාවන්ට දිනකට උණ්ඩ 10,000 ක් පමණ භාවිතා කිරීමට අවකාශය ලැබී තිබෙන අතර යුක්‍රේනියානුවන්ට හැකියාව ඇත්තේ දිනකට උණ්ඩ 2,000 ක පමණ ප්‍රමාණයක් භාවිතා කිරීමට පමණයි.

ඇමරිකාවෙන් යුධ ආධාර නොලැබෙන තත්ත්වයක මෙම අර්බුදය තවත් උත්සන්න වී ඇති බවයි CNN මාධ්‍ය ආයතනය පෙන්වා දෙන්නේ. යුක්‍රේනයට අවශ්‍ය ආයුධ ප්‍රමාණය නිපදවීමට යුරෝපා රටවලට ඇති හැකියාව ප්‍රමාණවත් නොමැති තත්ත්වයක් මතුව තිබෙනවා.

මේ අතර රුසියාවේ යුධ ආයුධ කර්මාන්තශාලා විසි හතර පැයම විවෘතව තබමින් සිය නිෂ්පාදන කටයුතු නොනවත්වා කරගෙන යන බවයි දැනගන්නට ලැබෙන්නේ.