2023 නොවැම්බර් 06, ප.ව. 9:06
රුසියානු කමිකසේ ඩ්‍රෝනයක් විසින් ජර්මනියේ නිශ්පාදිත ලෙපර්ඩ් 26A යුධ ටැංකියක් විනාශ කළ බව RIA Novosti පුවත් සේවය සඳහන් කළා.
දොන්බාස් හි අව්දීව්කා ප්‍රදේශයේ සටන් අතරතුර මෙම යුධටැංකිය විනාශ වී තිබෙනවා. ඩ්‍රෝන ප්‍රහාරය මගින් යුධ ටැංකියට හානි සිදුව ඇති අතර එහි භටයින් ඉන් ඉවත්ව පළාගොස් තිබෙනවා. ඉන් අනතුරුව යුක්රේනියානුවන් එම යුධ ටැංකිය රැගෙන යාමට පැමිණ ඇතත් එම උත්සාහය රුසියානුවන් විසින් වළක්වන ලද බවයි සඳහන් වන්නේ. මෙම සිද්ධියට අදාල වීඩියෝ දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.
මේ අතර ෆෝර්බ්ස් සඟරාව පසුගිය සතියේ සඳහන් කළේ යුක්රේනය ඔවුන්ට ලබාදුන් හොඳම යුධ ටැංකිවලින් හතරෙන් එකක් පමණ මේ වනවිට ද අහිමි කරගෙන තිබෙන බවයි. මේ අතර ලෙපර්ඩ් 2 යුධ ටැංකියේ පැරණි මොඩලයක් වන ලෙපර්ඩ් 24A සහ නවීන ලෙපර්ඩ් 26A යුධටැංකි වනවා මෙන්ම ස්වීඩනයේ නිෂ්පාදිත 122 Strv යුධ ටැංකි ද වනවා.
පසුගිය සතිය තුළදී යුක්රේනයට මෙවන් යුධ ටැංකි 12 ක් හෝ 13 ක් භාවිතයෙන් ඉවත් කළ සේ සැලකීමට සිදුවූ බවයි ෆෝර්බ්ස් සඟරාව කියා සිටින්නේ.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16