hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 7:38



කළු මුහුදුබඩ ප්‍රදේශයක් වන අබ් හාසියාවේ ඔචම්චීර නගරයේ රුසියානු නාවික හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා රුසියාව සහ අබ්හාසියාව අතර එකඟතාවයක් ඇතිකරගත් බව අබ් හාසියා ජනාධිපති අස්ලාන් බෂානියා සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව රුසියානි මාධ්‍ය සමග කළ සාකච්ඡාවකදීයි.

ජාත්‍යන්තර නීතිය යටතේ බොහෝ රටවල් අබ්හාසියාව සලකන්නේ ජෝර්ජියාවේ කොටසක් ලෙසයි. නමුත් 2008 සිට රුසියාව එම ප්‍රදේශය ස්වාධීන රාජ්‍යයක් ලෙස සලකනවා.

රුසියානු කළු මුහුදු බලයායේ මූලස්ථානය වන සෙවස්තෝපල් වෙත යුක්‍රේන මිසයිල ප්‍රහාර එල්ල වීම වැඩි වූ පසු රුසියාව සිය නාවික යාත්‍රා කිහිපයක්ම නවරසීස්ක් වෙත ගෙන්වාගෙන තිබෙනවා. නව නාවික කඳවුරක් පිළිබඳ යෝජනාව මතු වන්නේ ද එම පසුබිමෙහි වීම විශේෂයක්.

කෙසේ වෙතත් රුසියාව මේ පිළිබඳ නිල අදහසක් දක්වා නැහැ.