hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2024 ජූලි 04, ප.ව. 12:26



රුසියානු හමුදා ඊයේ සන්ධ්‍යා යාමය වනවිට දන්යෙත්ස්ක් (Donetsk) පළාතේ නිව් යෝර්ක් ගම්මානය වෙත ඇතුල් වී එහි විශාල කොටසක් අල්ලාගෙන සිටි බව යුධ පෙරමුණෙන් ලැබෙන වාර්තා සඳහන් කරනවා.

මෙම ගම්මානය තොරෙත්ස්ක් නගරාසන්නයේ පිහිටි ස්ථානයක් වන අතර එය අල්ලාගැනීමෙන් ගොර්ලොව්කා වෙත යුක්‍රේන කාලතුවක්කු ප්‍රහාර එල්ල වීම වැළැක්විය හැකි බවයි රුසියානු මූලාශ්‍ර කියා සිටියේ.

මෙම ගම්මානය වෙත පැමිණීම සඳහා ඊයේ දිනයේ රුසියානු හමුදා කිලෝමීටර් 2-3 ක් පමණ ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ වනවිට ඔවුන් තොරෙත්ස්ක් නගරයට නැගෙනහිර දෙසින් ඒකරාශී වෙමින් සිටින බව වාර්තා වුණා.

ජූලි මස මැද දී තොරෙත්ස්ක් සහ හොර්ලිව්කා ප්‍රදේශ ආශ්‍රිතව අලුත් රුසියානු ප්‍රහාරයක් එල්ල වූ අතර ඔවුන් විසින් ජනාවාස කිහිපයක්ම අල්ලාගෙන තිබෙනවා.

නිව් යෝර්ක් නගරය වසර එකසිය පනහකට වඩා පැරණි ජනාවාසයක්. එමෙන්ම එහි කර්මාන්තශාලා කිහිපයක් ද වනවා. එයට නම ලැබුණ ආකාරය හරිහැටි පැහැදිලි නැති බවයි සඳහන් වන්නේ.