hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2024 අප්‍රේල් 11, ප.ව. 9:05



ඊයේ රාත්‍රියේ සහ අද අලුයම් කාලයේ යුක්‍රේනයේ පළාත් හතරක බලශක්ති මධ්‍යස්ථාන වෙත රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල වී තිබෙනවා.

කියෙව්, හර්කෆ්, සපරෝෂියා සහ ල්වෝෆ් යන පළාත්වලට මෙසේ ප්‍රහාර එල්ල වුණා. එයින් ඇතැම් ස්ථානවලට හානි සිදුව ඇති බව වාර්තා වනවා.

මේ අතර සූමි ප්‍රදේශයේ තාප විදුලි බලාගාරයක් වෙත ද අද දින මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බැව් යුක්‍රේන මාධ්‍ය කියා සිටියා.