hit counter

2025 ඔක්‍තෝබර් මස 27 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 27, ප.ව. 11:27



පක්‍රොව්ස්ක් නගරය අභ්‍යන්තරයට රුසියානු සෙබළුන් 200 ක් පමණ ඇතුල් වී ඇතැයි යුක්‍රේන හමුදා වාර්තා කරනවා.

කුඩා කණ්ඩායම් ලෙස ඇතුල් වී සිටින මෙම පිරිස පළවා හැරීම උදෙසා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි යුක්‍රේනය පවසන්නේ.

යුක්‍රේන යුධ බිමෙහි පසුගිය වසරක පමණ කාලය තුළ පක්‍රොව්ස්ක් නගරය ආසන්න ප්‍රදේශයන් හි සටන් පැවතුණා.

නගරයට දකුණුදිග ප්‍රදේශයන් වෙතින් රුසියානුවන් කුඩා කණ්ඩායම් ලෙස නගරයෙහි බටහිරදිග ප්‍රදේශ වෙත ඇතුල් වී ඇතැයි වාර්තා වනවා. ඔවුන් නගරය හරහා දිවෙන දුම්රිය මාර්ගයේ කොටසක් ද අල්ලාගෙන ඇතැයි දැනගන්නට ලැබෙනවා.

මේ අතර පක්‍රොව්ස්ක් නගරයට උතුරින් පිහිටි රදින්ස්කයේ නගර මධ්‍යය රුසියානු හමුදා අතට පත්ව තිබෙනවා.

මේ තත්ත්වය යටතේ පක්‍රොව්ස්ක් නගරය වෙත සැපයුම් පවත්වාගැනීම අසීරු වී තිබෙනවා.