hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 04, ප.ව. 7:26



ඇමරිකානුවන් විසින් යුක්‍රේනයට සපයන ලද M2A2 බ්‍රැඩ්ලි සන්නාහ සන්නද්ධ රථයක් අල්ලාගෙන සටන් පෙරමුණෙන් පිටුපසට ගෙන ඒමට රුසියානු හමුදා සමත්ව ඇතැයි වාර්තා වනවා.

මෙසේ බ්‍රැඩ්ලි රථයක් යහපත් තත්ත්වයෙන් අල්ලාගෙන රැගෙන ආ පළමු අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.

අව්දීව්කා නගරය සඳහා සිදුවන සටන් අතරවාරයේදී සටන් පෙරමුණෙහි උතුරුදිග කොටසේදී මෙම රථයට ප්‍රහාරයක් අල්ල වී ඇත්තේ සති දෙකකට පමණ පෙරයි. එම අවස්ථාවේ යුක්‍රේනියානුවන් එම රථය අතැර පසුබැස ගොස් ඇති නමුත්, එය රැගෙන ඒමට රුසියානුවන් කළ උත්සාහයන් යුක්‍රේන වෙඩි ප්‍රහාර හේතුවෙන් ව්‍යර්ථ වී තිබෙනවා. එහෙත් යුධ පෙරමුණේ රුසියානුවන් ඉදිරියට යාමත් සමග එම රථය රැගෙන ඒමට ඔවුන් සමත් වූ බවයි දැනගන්නට ඇත්තේ.

බ්‍රැඩ්ලි රථ යුක්‍රේනයට ලබාදීම සඳහා ඇමරිකාව විසින් තීරණය කෙරුණේ ජනවාරි මාසයේදී යි. ඒ අනුව පළමුවෙන්ම රථ තිහක් පමණ ලබා දී තිබුණු අතර සමස්ථයක් ලෙස මෙම රථ 180 ක් ලබාදීමට නියමිතයි. ජූනි මාසයේදී යුක්‍රේනියානුවන් විසින් බ්‍රැඩ්ලි රථ මුලින්ම සටනට යොදවනු ලැබුණා. නමුත් රුසියානුවන් විසින් එල්ල කළ දරුණු ප්‍රතිප්‍රහාර හමුවේ එම රථ ගණනාවක් සටන් පෙරමුණේදී විනාශයට පත්වුණා.