hit counter

2025 ජූනි මස 02 වන සඳුදා

2023 ජූලි 05, පෙ.ව. 8:57



ඇෆ්ගන් කාන්තාවන්ට හිස කෙස් සහ රූපලාවන්‍යාගාර තහනම් කරමින් තලේබාන් සංවිධානය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එය පසුගිය 2 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම පනවා ඇති අතර 2021 වසරේ තලේයිබාන්වරුන් බලය අල්ලා ගැනීමෙන් පසු ඇෆ්ගන් කාන්තාවන්ගේ නිදහස ක්‍රම ක්‍රමයෙන් අඩු වුණා.

නව යොවුන් වියේ ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට පන්ති කාමර, ව්‍යායාම මධ්‍යස්ථාන සහ උද්‍යානවලට ඇතුළුවීම මීට පෙර තලේයිබාන් සංවිධානය තහනම් කරනු ලැබුවා.

පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කිරීම ද ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කර තිබුණා.

ඔවුන් කියා සිටියේ කාන්තාවන් ඇස් පමණක් පෙනෙන ආකාරයට ඇඳ පැලඳ සිටිය යුතු අතර කිලෝමීටර 72කට වඩා දුරක් යන්නේ නම් පිරිමි ඥාතියකු සමඟ පැමිණිය යුතු බවයි.

1996 – 2001 කාලයේ තලේයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය කළ අවස්ථාවේදී කාන්තාවන් සඳහා රූපලාවන්‍යාගාර තහනම් කර තිබුණා.

නමුත් එය පසුව වෙනස් වූයේ අමෙරිකාව ප්‍රමුඛ හමුදා එහි පාලන බලය අල්ලා ගැනීමත් සමඟයි.