2025 දෙසැම්‍බර් 27, ප.ව. 11:19
සෞදි අරාබිය දකුණුදිග යේමනයේ හඩ්රමෝට් පළාතේ දකුණුදිග අන්තර්වාර කවුන්සිල සෙබළුන් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වනවා.
මේ අතර හඩ්රමෝට් සහ අල් මහ්රර් පළාත්වලින් ඉවත් වන ලෙස සෞදි අරාබිය දකුණුදිග අන්තර්වාර කවුන්සිලයට අනතුරු අඟවා තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි සහය ලබන දකුණුදිග අන්තර්වාර කවුන්සිලය පසුගිය සතිවල එම ප්‍රාන්තයන් හි බලය තහවුරු කරගත්තේ ජාත්‍යන්තරව පිළිගත් යේමන ආණ්ඩුවේ හමුදා සහ වෙනත් සෞදි අරාබියේ සහය ලබන කණ්ඩායම් පළවා හරිමින්.
යේමනයේ පැරණි උතුරු යේමනයට අයත්ව තිබූ බොහොමයක් ප්‍රදේශ මේ වනවිට හූති ව්‍යාපාරය අත තිබෙනවා. නමුත් දකුණු යේමනයේ විවිධ කණ්ඩායම් ක්‍රියාත්මක වුණා. මේ වනවිට එයින් ප්‍රධානම බලවේගය බවට පත්ව ඇත්තේ දකුණුදිග අන්තර්වාර කවුන්සිලය යි.
නමුත් ඔවුන් හඩ්රමෝට් සහ අල් මහ් රර් පළාත්වලින් ඉවත් නොවුණහොත් සෞදි අරාබිය බරපතල ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි යේමනය පිළිබඳ අදහස් දක්වන ඇතැම් විචාරකයන් පෙන්වා දෙනවා,
2025 දෙසැම්‍බර් 25, ප.ව. 7:48
2025 දෙසැම්‍බර් 25, ප.ව. 7:26
2025 දෙසැම්‍බර් 21, ප.ව. 11:59
2025 දෙසැම්‍බර් 21, ප.ව. 11:43
2025 දෙසැම්‍බර් 19, ප.ව. 2:41