hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 7:57



සෞදි අරාබිය සහ රුසියාව තමන් විසින් පවත්වාගෙන යන තෙල් නිෂ්පාදන සහ අපනයන සීමා දිගටම ක්‍රියාත්මක කරන බව සඳහන් කරනවා.

මේ අනුව සෞදි අරාබිය පවසන්නේ තම නිෂ්පාදනය දිනකට බැරල් මිලියනයකින් අඩු කර පවත්වාගෙන යන බවයි. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල එරට තෙල් නිෂ්පාදනය දිනකට බොර තෙල් බැරල් මිලියන 9 සීමාවේ පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරෙනවා.

නමුත් ලෝක වෙළෙඳපොලෙහි තත්ත්වය පිරික්සා බලා මාසය අවසානයේ ඉදිරි තීරණ ගන්නා බව ද සෞදි අරාබිය සඳහන් කළා.

මේ අතර රුසියාව ද සිය අපනයනයන් දිනකට බොරතෙල් බැරල් 300,000 කින් පමණ අඩුකර පවත්වාගන්නා බව නියෝජ්‍ය අගමැති අලෙක්සන්දර් නොවාක් සඳහන් කළා. මෙහි වෙනසක් සිදුකිරීමට අවශ්‍ය වේ දැයි ඊළඟ මාසයේ යළි සලකා බැලෙන බව ද ඔහු පෙන්වා දුන්නා. 2023 අප්‍රේල් සිට ක්‍රියාවට නැගූ තෙල් අපනයන සීමාව 2024 දෙසැම්බර් දක්වා පවත්වාගැනීම රුසියාවේ වර්තමාන සැලැස්ම වී තිබෙනවා.

පසුගිය ජූලි මාසයේදී පටන් මෙම දෙරට විසින් ක්‍රියාවට නංවන ලද තෙල් අපනයන සීමා හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියා. එකල බ්‍රෙන්ට් බොරතෙල් බැරලය ඩොලර් 76 ක් වූ අතර වර්තමානයේ එය ඩොලර් 89 දක්වා ඉහළ ගොස් තිබෙනවා.