2025 මැයි 14, ප.ව. 2:02
ඇමරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර ඩොලර් බිලියන 142 ක ඓතිහාසික අවි ගනුදෙනුවක් පිළිබඳ ගිවිසුමක් ඇති කරගනු ලැබුණා.
මෙම එකඟතාවයට අත්සන් තැබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞදි අරාබි සංචාරය අතරතුරයි.
ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු ද්වි පාර්ශවික නිල සංචාරය සඳහා තෝරාගත්තේ සෞදි අරාබිය වීම විශේෂත්වයක් වන්නේ පළමු ධුර කාලයේදී ද සිය පළමු නිල විදේශ සංචාරය සඳහා එරටම තෝරාගත් නිසයි.
දෙරට අතර ඇතිවූ සමස්ථ වෙළෙඳ ගනුදෙනු පිළිබඳ ගිවිසුමෙහි වටිනාකම ඩොලර් බිලියන 600 ක් පමණ වේ යැයි වාර්තා වනවා. මේ අතර අවි ගනුදෙනුවට අමතරව ඇමරිකාව තුළ සෞදි ආයෝජන ද සිදුවන බව සඳහන්. කෘත්‍රිම බුද්ධිය ක්ෂේත්‍රයෙහි අවශ්‍ය බලශක්ති සහ යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන 20 ක් ආයෝජනය කිරීම ද මේ අතර වනවා.
සිය ආයෝජනයන්ට ප්‍රතිලාභ ලෙස නව තාක්ෂණික අවි, කෘත්‍රිම බුද්ධිය සහ න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ තාක්ෂණය ආදිය ඇමරිකාවෙන් ලබාගැනීම කෙරේ සෞදි අරාබිය යොමුව තිබෙන බවයි වාර්තා වන්නේ. ඇමරිකානු දූත කණ්ඩායමට තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යාපාරික ප්‍රබලයන් ද එක්ව තිබීම මගින් ද මේ බව පෙන්නුම් කෙරුණා.
2025 මැයි 14, ප.ව. 1:30
2025 මැයි 13, පෙ.ව. 8:42
2025 මැයි 13, පෙ.ව. 8:26
2025 මැයි 10, ප.ව. 6:20
2025 මැයි 10, ප.ව. 2:45