hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 01, ප.ව. 9:58



යුක්‍රේනයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අත්පත් කරගෙන රටේ ව්‍යාකූල තත්ත්වයක් ඇතිකිරීම සඳහා කුමන්ත්‍රණය කළ බව කියන පිරිසක් එරට අභ්‍යන්තර ආරක්ෂක සේවය වන SBU විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ආයතනය පවසන්නේ මෙම පිරිස එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය වන ජූනි 28 වනදායින් පසුව දිනක කියෙව් නගරයෙහි සාමකාමී රැස්වීමක් කැඳවා පාර්ලිමේන්තුවට ඇතුළු වී එය අත්පත් කරගන්නට සැලසුම් කළ බවයි.

මෙම පිරිසෙහි ප්‍රධානියා රාජ්‍ය නොවන සංවිධානයක සම ආරම්භකයකු වන අතර එම ආයතනය 2015 සිට යුක්‍රේනයට විරුද්ධ කටයුතුවල නිරතව ඇතැයි සඳහන්.

කුමන්ත්‍රණය සැලසුම් කළ ප්‍රධාන කිහිපදෙනා කියෙව් හා ද්නීප්‍රෝ නගරවල වැසියන් බවත් ඔවුන් විවිධ අයුරින් අන්තර්ජාලය හරහා සම්බන්ධතා තබාගෙන ඇති බවත්, ඔවුන් හමුවූයේ නම් ඒ ඉතා කුඩා කණ්ඩායම් වශයෙන් බවත් SBU ආයතනය ප්‍රකාශ කළා.

ඔවුන්ගේ නිවෙස්වල තිබී ගිනි අවි, ජංගම දුරකථන සහ තොරතුරු අඩංගු පරිගණක හමුවූ බව SBU ආයතනය කියා සිටියා.