hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 මාර්තු 24, පෙ.ව. 11:47



ඊයේ රාත්‍රියේ ක්‍රිමියාවේ සෙවස්තෝපල් වෙත දැවැන්ත යුක්‍රේනියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මිසයිල දහයක් පමණ සෙවස්තෝපල් වෙත වැටුණ බව වාර්තා වනවා.

මේ අතර අවම වශයෙන් ස්ටෝර්ම් ෂැඩෝ මිසයිල තුනක්වත් රුසියානු කළු මුහුදු නාවික බලකායේ සන්නිවේදන මධ්‍යස්ථානය වෙත වැටුණ බවයි යුක්‍රේනය පවසන්නේ.

මේ අතර ඊයේ රාත්‍රියේ බේල්ගරද් දෙසට ද එල්ල වූ රොකට් ප්‍රහාර 19 ක් වැළකූ බව රුසියානු බලධාරීන් සඳහන් කරනවා.