2023 ජූලි 04, ප.ව. 2:44
ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ප්‍රසිද්ධ නොකළ ව්‍යාපෘතියක දර්ශන තලයක සිදුකල රූගත කිරීමක් අතරතුරදී සිදු වූ අනතුරක් හේතුවෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට සුළු ශල්‍ය කර්මයක් සිදු කර තිබෙනවා.
අනතුරට ලක්වීමෙන් පසු ශාරුක් ඛාන්ගේ නාසයෙන් ලේ ගැලීමක් සිදු වූ බවත් එම අවස්ථාවේදී කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී ඔහුව ලොස් ඇන්ජලීස් නුවර රෝහලකට රැගෙන ගිය බවයි ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත්තේ.
රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ශාරුක් ඛාන්ගේ නාසයට සුළු ශල්‍ය කර්මයක් සිදු කළ බව ආරංචි මාර්ග පවසා තිබෙනවා.
කෙසේ වෙතත් අනතුර සිදු වූ අයුරු හෝ ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කර නොමැත.
ශල්‍ය කර්මයෙන් පසුව ශාරුක් ඛාන් විවේක ගැනීම සඳහා නැවතත් ඉන්දියාවට පැමිණ ඇත.
2025 දෙසැම්‍බර් 15, ප.ව. 11:59
2025 දෙසැම්‍බර් 14, ප.ව. 5:10
2025 දෙසැම්‍බර් 14, ප.ව. 2:58
2025 දෙසැම්‍බර් 14, ප.ව. 2:50
2025 දෙසැම්‍බර් 12, ප.ව. 12:59