hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 අගෝස්‍තු 05, ප.ව. 2:48



බංග්ලාදේශයේ සිසුන් විසින් මූලිකත්වය ගෙන කෙරෙන උද්ඝෝෂණ අද දිනත් ක්‍රියාත්මකයි. ඊයේ මෙම උද්ඝෝෂකයන් වෙත එල්ල වූ ප්‍රහාරවලින් සියයකට ආසන්න පිරිසක් මියගිය නමුත් සිසුන් උද්ඝෝෂණ අතැරදමා නැහැ.

මේ අතර මෙම උද්ඝෝෂණ හමුවේ අගමැති ශීක් හසීනා ඉල්ලා අස්වීමේ ඉඩකඩක් තිබෙන නමුත් එය කෙසේ සිදුවන්නේදැයි පැහැදිලි නොවන බව ඇයගේ උපදේශකයකු AFP පුවත් සේවය සමග පවසා තිබෙනවා.

එමෙන්ම උද්ඝෝෂණ හමුවේ ඇය මිලිටරි හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පළාගිය පුවතක් ද වාර්තා වනවා. ඒ බව තවම තහවුරු වී නැහැ. කෙසේ වෙතත් ඇය ධකා නගරයෙන් වඩා සුරක්ෂිත ස්ථානයකට ඉවත්ව ගිය බවත් ඇගේ ඉල්ලා අස්වීම සිදුවිය හැකි බවත් ටයිම්ස් ඔෆ් ඉන් ඩියා ආයතනය පවසනවා.