2023 අගෝස්තු 22, ප.ව. 7:30
බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා තමන්ට ලබාදුන් සහයෝගය පිළිබඳ චීනයට ස්තූතිවන්ත වන බව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා අද සඳහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ ප්‍රිටෝරියා නගරයේදී ජනාධිපති ෂී ජින්පිං හමුවූ අවස්ථාවේයි.
ෂී ජින්පිං දකුණු අප්‍රිකාවට පැමිණියේ 15 වන BRICS රාජ්‍ය නායක හමුව සඳහා යි. එයට සමගාමීව දකුණු අප්‍රිකානු සහ චීන ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශවික හමුව සිදුවුණා.
රෝහල් සහ පාසල්වලට විදුලිය සැපයීමට අවශ්‍ය උපාංග හදිසි අවශ්‍යතාවක් සේ සලකා ලබාදීමට චීනය එකඟ වූ අතර මෙසේ රෑන්ඩ් මිලියන 170 ක පමණ වටිනාකමින් යුතු උපකරණ ප්රදානය කෙරුණ බව ද රමපෝසා මතක් කළා. එමෙන්ම රටේ සංවර්ධනය සඳහා තවත් රෑන්ඩ් මිලියන 500 ක මුදලක් චීනය වෙතින් ලැබුණ බව ද ඔහු පෙන්වා දුන්නා.
දෙරට අතර වෙළෙඳාම පසුගිය සමයේදී වඩාත් පුළුල්ව ඇති බව ද රමපෝසා පෙන්වා දුන්නා.
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44
2024 දෙසැම්බර් 23, ප.ව. 12:49
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:22
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35