2023 අගෝස්‍තු 02, ප.ව. 6:44
උපන්දින සුබපැතුම් කාඩ්පතක් සමග ලැබුනු ලොතරැයි පතක් දිනුම් ඇදීමෙන් කාන්තාවකට ඩොලර් මිලියන 2.58ක ත්‍යාගයක් ලැබීමේ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු ඔස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවක් පසුගියදා සිය උපන්දිනය සමරා ඇති අතර, එහිදී අදාළ කාන්තාව වෙත සුබපැතුම් එක්කරමින් ඇයගේ ඥාතියෙකු උපන්දින කාඩ්පතක් සමග ලොතරැයි පතක් ද ඇය වෙත එවා ඇති බවයි.
අනතුරුව කාන්තාව එය පරීක්ෂා කර බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඒ සඳහා ඩොලර් මිලියන 2.58ක ත්‍යාග මුදලක් හිමිව තිබෙන බවයි.
පසුව අදාළ කාන්තාව සිය ඥාතියා වෙත දුරකථන ඇමතුමක් ලබාදී මේ පිළිබඳව පැවසීමත් සමග ඔහුද මෙම සිදුවීම පිළිබඳව පුදුමයට පත්ව තිබෙනවා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38