hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 දෙසැම්‍බර් 04, ප.ව. 3:05



දකුණු කොරියාවේ ඊයේ රාත්‍රියේ පනවන ලද යුධ නීතිය පැය කිහිපයක් ඇතුලත ඉවත් කිරීමට ජනාධිපතිවරයාට සිදුවුණා.

ජනාධිපති යුන් සොග් යොල්ගේ තීරණයට එරෙහිව ජනතාව වීදි බැස්ස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීන් 300 න් 190 දෙනකු හදිසියේ රැස්ව එම නියෝගය බල රහිත බවට යෝජනාවක් සම්මත කළා. මෙම 190 දෙනා අතර ජනාධිපති යූන්ගේ පක්ෂයේ මන්ත්‍රීන් 18 ක් ද ඇතුලත්.

මෙම තීරණය ප්‍රකාශ වීමත් සමගම පාර්ලිමේන්තුවට යන මාර්ග අවුරා සිටි යුධ හමුදා සාමාජිකයන් එයින් ඉවත් වීම ඇරඹුවා.

මෙම සිද්ධීන්ගෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය නියෝගය අහෝසි කිරීමට කටයුතු කළා.

ඔහුට ඉල්ලා අස්වීම හෝ දෝෂාඹ්හියෝගයකට මුහුණදීම හැර අන් විකල්පයක් නොමැති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.