hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 ජනවාරි 02, ප.ව. 1:21



දකුණු කොරියාවේ විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක ලී ජේ-ම්‍යුන්ග් වෙත පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බූසාන් නගරය වෙත කළ සංචාරයක් අතරතුර පුද්ගලයකු ලී වෙත පැමිණ ඔහුගේ ගෙලෙහි වම් පසට පිහියකින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙය සිදුවූයේ එරට වෙලාවෙන් පෙරවරු 10.27 ටයි. ප්‍රහාරකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලීගේ තත්ත්වය අපැහැදිලි වුවද ඔහු සිහිය ඇතිව සිටි බවයි වාර්තා වන්නේ. ඔහුව වහා රෝහලක් වෙත ගෙන ගිය අතර ඔහුගේ ගෙලෙන් දිගටම රුධිරය වහනය වෙමින් තිබූ බව දැනගන්නට ලැබුණා.

ලී ජේ-ම්‍යුන්ග් 2022 ජනාධිපතිවරණයේදී ඉතා තියුණු තරගයකින් පසුව ජනාධිපති යූන් සුක්-යෝල් අතින් පරාජයට පත්වුණා. ඔහු 2027 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ සාමාන්‍ය විශ්වාසය වුණා.