hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 06, පෙ.ව. 1:14



එළඹෙන ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේදී තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 39 සහ පුදුචෙරි ආසනය තම පක්ෂය ප්‍රමුඛ සන්ධානය විසින් සම්පූර්ණයෙන්ම ජයගන්නා බව තමිල් නාඩු මහ ඇමති M.K. ස්ටාලින් කියා සිටිනවා.

මේ බව ඔහු කියා සිටියේ ඉන්ඩියා ටුඩේ සමග සාකච්ඡාවකට එක් වෙමින්.

ස්ටාලින් ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායකයා වන අතර එය සන්ධානයේ සාමාජික පක්ෂයක්.

තමිල්නාඩුව තුළ තමන්ට ඇති ප්‍රධානම අභියෝගය සමස්ථ ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය බව කියා සිටින ස්ටාලින් එම අභියෝගය ජයගැනීම අපහසු නොවේ යයි කියා සිටිනවා.

භාරතීය ජනතා පක්ෂය තමිල්නාඩුවේ ස්ථාපිත වීමට කරන උත්සාහය අසාර්ථක වනු ඇතැයිද M.K. ස්ටාලින් කියා සිටිනවා.