hit counter

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා

2025 පෙබරවාරි 20, ප.ව. 9:30



යුක්‍රේනයට යුරෝපීය සාමසාධක හමුදා යැවීම ආදී පියවර සහිත සටන් විරාම වැඩපිළිවෙලක් පිළිබඳ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යෝජනා කිරීමට බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් සූදානම් වනවා.

පසුගියදා යුරෝපා රටවල් කිහිපයක් ප්‍රංශයේ පැරිස් නුවරදී හදිසියේ රැස්වී යුක්‍රේන අර්බුදය පිළිබඳ සාකච්ඡා කළා. මේ සඳහා ස්ටාමර් ද සහභාගී වුණා.

එමෙන්ම යුක්‍රේනයට සාමසාධක හමුදා යැවීමට අවශ්‍ය නම් ඊට බ්‍රිතාන්‍යය ද දායක වීමට සූදානම් යැයි ස්ටාමර් මෑතකදී සඳහන් කළා.

කෙසේ වෙතත් යුරෝපා රටවල සාමසාධක හමුදා යැවීමේ යෝජනාවට රුසියාවේ අනුමැතිය ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ. පෙබරවාරි 18 වනදා රියාද් නගරයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව රුසියානු විදේශ ඇමති සර්ගේයි ලැව්රෝෆ් කියා සිටියේ නේටෝ සංවිධානයට සම්බන්ධ රටක හමුදා සාමසාධක හමුදාවන් ලෙස පැමිණීම රුසියාව විසින් අනුමත නොකෙරෙන බවයි.

මේ අතර ස්ටාමර්ගේ යෝජනා පිළිබඳ විමසිල්ලෙන් සිටින්නේ යයි ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් සඳහන් කළා.