hit counter

2025 සැප්‍තැම්‍බර් මස 10 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 9:09



නේපාලයේ Gen-Z විරෝධතාකරුවන් අන්තර්වාර අගමැති ධුරය සඳහා හිටපු අගවිනිසුරු සුශිලා කර්කි යෝජනා කිරීමට එකඟ වී ඇති බව වාර්තා වනවා.

කර්කි 2016 දී එරට පළමු අගවිනිසුරුවරිය බවට පත්වූ අතර 2017 දී ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණා. ඒ එරට පොලිස් ප්‍රධානියා පත්කිරීමට එරෙහිව ඇය ලබාදුන් තීන්දුවක් නිසායි.

නමුත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය නොමැති වූයෙන් එම යෝජනාව ඇනහිටි අතර ඒ අතරේ ඇය විශ්‍රාම ගත්තා.

සැප්තැම්බර් 9 වනදා හිටපු අගමැති KP ෂර්මා ඕලි ඉල්ලා අස්වීමෙන් පසු අන්තර්වාර අගමැති ධුරයට පත් කෙරෙනු ඇතැයි කිහිපදෙනකුගේ නම් කියැවුණා. නමුත් ඒ කිසිවක් තවම තහවුරු වී නැහැ.