hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 ජනවාරි 13, ප.ව. 8:45



තායිවාන ජනාධිපතිවරණයෙන් වත්මන් උප ජනාධිපති ලායි චිංග්-ට හෙවත් විලියම් ලායි ජයග්‍රහණය කළා.

ඔහු ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව 5,586,019ක් වූ අතර එය ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 40ක්. දෙවන ස්ථානයට පත්වූ ගුවෝමින්ඩාංග් (KMT) පක්ෂයේ හූ යූ-යී ඡන්ද 4,671,021 ක් ලබාගත්තා. එය සියයට 33.5 ක ප්‍රතිශතයක්. එමෙන්ම තායිවාන ජනතා පක්ෂයේ කෝ වෙන්-ජ ඡන්ද 3,690,466 ක් හෙවත් සියයට 26.5 ක් ලබාගත්තා.

මෙම මැතිවරණ ප්‍රතිඵලය අනුව තායිවාන ස්වාධීනත්වය සඳහා පෙනී සිටින ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය දිගටම බලයේ සිටිනු ඇති. නව ජනාධිපතිවරයා 2024 මැයි 20 වනදා දිවුරුම් දීමට නියමිතයි.