hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 අගෝස්‍තු 14, පෙ.ව. 8:14



ඒකාධිපතීන්ගේ තර්ජන හමුවේ තායිවානය බිය නොවන බවත් තායිවානය සුරක්ෂිත නම් ලෝකය ද සුරක්ෂිත බවත් තායිවාන උප ජනාධිපති විලියම් ලායි ඇමරිකාවේදී පවසා තිබෙනවා.

ඔහු ඇමරිකාව වෙත පැමිණ ඇත්තේ පැරගුවේ රාජ්‍යයේ නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවය සඳහා යන අතරවාරයේ යි.

දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන පැරගුවේ තායිවානය සමග තවමත් තානාපති සබඳතා පවත්වන රටවල් 13 ක් එකක්. තායිවානය සහ ඇමරිකාව පවසා ඇත්තේ ඇමරිකාවේ නැවතීම් සිදුකරන්නේ ගුවන් ගමන් අතරතුර සිදුවන සාමාන්‍ය සිද්ධියක් ලෙස බවයි. කෙසේ වෙතත් චීනය මෙම නැවතීම් පිළිබඳ සිය විරෝධය දක්වා තිබෙනවා.

විලියම් ලායි ඊළඟ වසර මුලදී තායිවාන ජනාධිපතිවරණය ජයගනු ඇතැයි මේ වනවිට වාර්තා වන සමීක්ෂණ අනුව පෙනීගොස් තිබෙනවා. එහෙයින් ඔහුගේ මෙම ගමන තවත් වැදගත් වන බව නොරහසක්.

තායිවාන ස්වාධීනත්වය වෙනුවෙන් කැපවන අයකු ලෙස තමන්ව හඳුන්වා දෙන ලායි කෙරෙහි චීන පාලනය එතරම් පැහැදීමකින් යුතු නැහැ. චීනය පවසන්නේ ඔහු බෙදුම්වාදී කරදරකාරයකු බවයි.