2026 පෙබරවාරි 13, ප.ව. 10:08
හිටපු ජනාධිපති සියා උර් රෙහ්මාන්ගේ සහ හිටපු අගමැති බෙගම් කලීඩා සියාගේ පුත්‍රයා වන තරීක් රෙහ්මාන් විසින් නායකත්වය ලබාදුන් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය එරට පැවති මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබුවා.
එම පක්ෂය තනිව ආසන 300 න් 209 ක් දිනාගත් අතර ඒ හා සමග සන්ධානගත වූ පක්ෂ තවත් ආසන 4 ක් දිනාගෙන තිබෙනවා.
ප්‍රධාන විපක්ෂ බලවේගය ලෙස නැගී ආ ජමාතේ ඉස්ලාමි පක්ෂයට හිමිවූයේ ආසන 68 ක් පමණයි. ඒ හා සන්ධානගත වූ අනෙකුත් පක්ෂ ආසන 9 ක් දිනාගෙන තිබෙනවා. ඒ අතර 2024 අරගලයට සම්බන්ධ වූ පිරිසක් විසින් පිහිටුවාගත් ජාතික පුරවැසි පක්ෂය ද සිටිනවා. ඔවුන් ආසන 6 ක් දිනාගත්තා.
මෙම මැතිවරණය 2024 අගෝස්තුවේදී හිටපු අගමැති ශෙයික් හසීනා බලයෙන් නෙරපා හැරීමෙන් පසු පවත්වන ලද පළමු පාර්ලිමේන්තු මැතිවරණයයි. ඇගේ පක්ෂය වන අවාමි ලීගයට එහිදී තරග කිරීමේ අවකාශය ලැබුණේ නැහැ.
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59
2026 පෙබරවාරි 06, ප.ව. 11:48