2025 දෙසැම්‍බර් 12, ප.ව. 12:59
තායිලන්තයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. එරට අගමැති අනුටින් චාර්න්විරකුල් සඳහන් කරන්නේ ජනතාව වෙත බලය ලබාදීමට ඔහු එම පියවර ගත් බවයි.
නව පාර්ලිමේන්තුවක් පත්කරගැනීම සඳහා මැතිවරණය දින 45 ත් 60 ත් අතර කාලයක් තුළදී පැවැත්වෙනු ඇති.
සැප්තැම්බරයේදී අගමැති ධුරය භාරගත් අනුටින් වාර්න්විරකුල් ගෙනගියේ සුළුතර ආණ්ඩුවක්. ඔහු කලින් සඳහන් කර තිබුණේ ජනවාරියේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි. කෙසේ වෙතත් තායි පාර්ලිමේන්තුවේ විශාලම පක්ෂය වන ජනතා පක්ෂයේ සහය ඔහුට නොලැබී යාමෙන් පසු ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.
පසුගියදා තායිලන්තයේ ඇතිවූ ජල ගැලීමේ තත්ත්වය අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය පිළිබඳ ඔහුට විවේචන එල්ල වූ අතර තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා යුද්ධයක් ද හටගෙන තිබෙනවා. දින කිහිපයක් තිස්සේ පැවැත්වෙන මෙම ගැටුම් හේතුවෙන් 20 දෙනකු පමණ මියගොස් ලක්ෂ හතරක පමණ පිරිසක් අවතැන්ව සිටිනවා.
මේ අතර ජනතා පක්ෂය චෝදනා කරන්නේ තමන්ට පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගීමට අගමැතිවරයා ක්‍රියා නොකළ බවයි.
2025 දෙසැම්‍බර් 11, ප.ව. 8:50
2025 දෙසැම්‍බර් 10, ප.ව. 11:47
2025 දෙසැම්‍බර් 09, ප.ව. 12:17
2025 දෙසැම්‍බර් 08, ප.ව. 6:29
2025 දෙසැම්‍බර් 07, ප.ව. 9:50