2023 අගෝස්‍තු 22, පෙ.ව. 8:57
වසර 15 ක් විදෙස්ගතව සිටි හිටපු තායිලන්ත අගමැති තක්සින් ශිනවාත් අද පුද්ගලික ගුවන් යානයකින් බැංකොක් වෙත පැමිණියා.
ඔහු පිළිගැනීමට ඔහුගේ ආධාරකරුවන් පිරිස පැමිණ සිටියා.
ඩුබායි සිට සිංගප්පූරුව වෙත පැමිණි තක්සින් එහි සිට පුද්ගලික ගුවන් යානයකින් බැංකොක් කරා ළඟා වුණා. ඔහු පිටත්ව යන අවස්ථාවට ඔහුගේ සහෝදරිය යිංග්ලක් ශිනවාත් ද පැමිණ සිටි අතර එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රචාරය කර තිබුණා. ඇය ද හිටපු අගමැතිණියක වනවා.
සන්නිවේදන ක්ෂේත්‍රයෙහි ව්‍යාපාර ඔස්සේ විශාල ධනයක් උපයාගත් තක්සින් 2001 දී තායිලන්තයේ අගමැති ධුරයට පත්වුණා. 2006 දී ඔහු යළිදු විශාල මැතිවරණ ජයක් වාර්තා කළා. පසුව ඔහු හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් නෙරපා දමනු ලැබුණා.
බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ ඔහු වෙත චෝදනා එල්ල වී තිබුණා. ඔහු රටින් පිටව ගතකළේ එහෙයින්. මේ අතර ඔහුගේ සහෝදරිය ද අගමැති ධුරයට පත්වූ නමුත් ඇයව ද බලයෙන් නෙරපා හරිනු ලැබුණා.
මෑතකදී තායිලන්තයේ පැවති මහමැතිවරණයේදී ශිනවාත්ගේ දියණිය විසින් මෙහෙයවුණු පියු තායි පක්ෂය දෙවන ස්ථානයට පත්වුණා. මුලදී “Move Forward” පක්ෂයේ අගමැති අපේක්ෂකයාට සහය දුන් එම පක්ෂය, එම උත්සාහය අසාර්ථක වූ පසු මේ වනවිට විකල්ප අපේක්ෂකයකු වෙත සහය දක්වා තිබෙනවා. අලුතින් බිහිවන ආණ්ඩුවට යුධ හමුදාව සමග සබඳතා ඇති පක්ෂ දෙකක් ද එක්ව තිබෙනවා. තක්සින් නැවත පැමිණෙන්නේ ද එම පසුබිමේ යි.
තක්සින් ශිනවාත් බැංකොක් පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවනු ඇතැයි වාර්තා පළ වනවා. කෙසේ වෙතත්, ඔහු රාජකීය සමාවක් ඉල්ලා සිටිනු ඇතැයි ද වාර්තා පළවෙමින් තිබෙනවා.
2025 මැයි 29, ප.ව. 2:30
2025 මැයි 27, ප.ව. 4:04
2025 මැයි 26, පෙ.ව. 9:50
2025 මැයි 22, ප.ව. 8:40
2025 මැයි 15, පෙ.ව. 8:46