hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 15, ප.ව. 2:24



ගාසා වැසියන්ට උතුරු ගාසා සිට දකුණු ගාසා වෙත යාම සඳහා පැය තුනක සහන කාලයක් ලබාදීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා.

මේ අනුව අද උදෑසන 10 සිට දහවල් 1 දක්වා (ශ්‍රී ලංකාවේ වෙලාවෙන් අද දහවල් 12.30 සිට සවස 3.30 දක්වා) කාලය තුළ තමන් ප්‍රහාර එල්ල නොකරන බවත් ජනතාව දකුණු ගාසා වෙත ගමන් කළ යුතු බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසනවා.

ඉන් අනතුරුව ගාසා තීරය වෙත ගොඩබිම් හමුදා එවනු ඇතිදැයි සැකයක් මේ අනුව විචාරකයන් මතු කරමින් සිටිනවා.

ඊශ්‍රායලය ඊයේ උදෑසන උතුරු ගාසා ප්‍රදේශයේ ජනතාවට දකුණු ගාසා වෙත යන ලෙස පැය 24 ක කාලයක් ලබා දුන්නා. කෙසේ වෙතත් මෙසේ ජනතාව පිටව යන අතරවාරයේ ද ප්‍රහාර එල්ල වූ බවට ඊශ්‍රායලයට චෝදනා මතුව තිබුණා.