hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 31, ප.ව. 10:46



රතු මුහුදේදී වෙළෙඳ නෞකාවක් පැහැරගැනීමට උත්සාහ කළ හූති කැරලිකරුවන් ගේ බෝට්ටු තුනක් ගිල්වා දැමූ බව ඇමරිකාව සඳහන් කරනවා.

Maersk Hangzhou නම් මෙම නෞකාව වෙත හූති බෝට්ටු හතරක් පහරදී ඇති අතර ඒවා නෞකාව ආසන්නයටම පැමිණ තිබෙනවා.

නෞකාව විසින් ආපදා තත්ත්වයක් ප්‍රකාශ කළ අවස්ථාවේ ඇමරිකානු ගුවන් යානා ගෙනයන USS Eisenhower නෞකාවේ වූ හෙලිකොප්ටර් එම ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන් විසින් බෝට්ටු වෙත ප්‍රහාර එල්ල කළා.

තම සංවිධානයේ සටන්කාමීන් දස දෙනකු මෙම සිද්ධියෙන් මියගොස් හෝ අතුරුදහන්ව හෝ ඇති බව හූති කැරලිකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.