hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 08, පෙ.ව. 11:33



තෝකියෝ මහනගර ආණ්ඩුව විසින් තනිකඩ පුද්ගලයන්ට සහකරුවන් සොයාගැනීමට උපකාර වන ඇප් එකක් හඳුන්වා දෙන්නට සූදානම් වනවා.

පුද්ගලික ආයතනයක් මගින් මෙම ඇප් එක සකස් කෙරෙන අතර එය ආණ්ඩුවේ අනුමැතියට යටත්ව ක්‍රියාත්මක වනු ඇති.

මෙම ඇප් එකට ලියාපදිංචි වන්නන් තම විස්තර නිවැරදිව පිරවිය යුතු අතර තමන් තනිකඩ අයකු බව ද නිල වශයෙන් තහවුරු කළ සහතිකයක් ඇතුලත් විය යුතුයි. එමෙන්ම විවාහය පිළිබඳ තමන් කැපවී සිටින බව ද තහවුරු කළ යුතු වනවා. එම තැනැත්තාගේ විස්තර අතර ජෛව විද්‍යාත්මක තොරතුරු මෙන්ම රැකියාව ආදී කරුණු ද ඇතුලත් කළ යුතු වනවා.

ජපානය උපත් මට්ටම අඩුවීමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. මේ පිළිබඳ ඔවුන් කිසියම් ස්ථිරසාර පියවර ගතයුතුව ඇතැයි ජපන් රජය පෙබරවාරියෙදී අවධාරණය කළා.

තෝකියෝ ආණ්ඩුවේ නිලධාරියකු ජපන් ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ විවාහ වීමට බලාපොරොත්තු වන පුද්ගලයන් ද සහකරුවන් සොයාගැනීමට​ මෙවැනි ඇප්වලට එක්වීමට අදිමදි කරන​ බවයි. ඔවුන් වෙත කිසියම් සහයක් ලබාදීම සඳහා විශ්වාසවන්ත ඇප් එකක් හඳුන්වා දීම තම අභිලාශය බවයි එම නිලධාරියා පවසන්නේ.