hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 ජූනි 17, පෙ.ව. 6:36



සියළු දෙනාම ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් පිටව යා යුතු යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර කැනඩාවේ G7 සමුළුවට සහභාගී වෙමින් සිටි ට්‍රම්ප් එයින් කලින් පිටව නැවත ධවල මන්දිරයට පැමිණෙන්නේ යැයි වාර්තා වුණා. එමෙන්ම ඔහු ධවල මන්දිරයේදී හදිසි ජාතික ආරක්ෂක රැස්වීමක් කැඳවා තිබෙනවා.

දකුණු චීන මුහුද ප්‍රදේශයේ රැඳී සිටි USS නිමිට්ස් ගුවන් යානා ගෙනයන නෞකාවට මැදපෙරදිග වෙත ගමන් කරන ලෙස ඊයේ උපදෙස් ලැබී තිබුණා. ප්‍රහාරක ගුවන් යානා 90 ක් පමණ එහි වනවා. මෙම නෞකා කණ්ඩායමට ඩිස්ට්‍රෝයර් නෞකා කිහිපයක් ද අයත්.

ට්‍රම්ප් ඊයේ සඳහන් කර තිබුණේ ඉරානය විසින් ඇමරිකානු ඉලක්ක වෙත පහර දීමක් සිදු වුවහොත් ඇමරිකාව යුද්ධයට ඇතුල් වීමේ ඉඩක් ඇති බවයි.