hit counter

2025 ජනවාරි මස 27 වන සඳුදා

2025 ජනවාරි 26, ප.ව. 12:34



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෝදා ඩෙන්මාර්ක අගමැතිණි මත්තෙ ෆෙඩ්රික්සන් සමග කළ දුරකථන සංවාදයක් අතරතුර දී ග්‍රීන්ලන්තය අරභයා ඇය හා ගැටුණ බව වාර්තා වනවා.

ෆයිනෑන්ශල් ටයිම්ප් පුවත්පත කියා සිටියේ මෙම සංවාදයේදී ග්‍රීන්ලන්තයේ ස්වභාවික සම්පත් ප්‍රයෝජනයට ගැනීමේදී එක්ව කටයුතු කිරීමට සහ ඇමරිකානු මිලිටරි සබඳතා ඉහළ නැංවීමට ඩෙන්මාර්කයේ කැමැත්ත පළවූව ද ට්‍රම්ප් එයින් සෑහීමකට පත් නොවූ බවයි.

ග්‍රීන්ලන්තයේ බලය තහවුරු කිරීම පිළිබඳ ට්‍රම්ප් මීට පෙර ද අදහස් දක්වා තිබෙනවා. එමෙන්ම ඒ සඳහා මිලිටරි බලය යොදාගන්නේ නැතැයි ද ට්‍රම්ප් තහවුරු කර නැහැ. ට්‍රම්ප් කියා සිටින්නේ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය ඉතා වැදගත් බවයි.

පසුගිය දිනවල ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තයට අමතරව කැනඩාව සහ පැනමා ඇළ පිළිබඳව ද අයිතිවාසිකම් කියා සිටියා.