2025 අගෝස්තු 06, ප.ව. 12:31
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිත ස්ටීව් විට්කොෆ් මොස්කව් වෙත පැමිණ ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.
අද දින වනූකවා ගුවන් තොටුපලෙන් ඔහුගේ ගුවන් යානය ගොඩබැස ඇති අතර ඔහුව පිළිගැනීමට රුසියානු ඍජු ආයෝජන අරමුදලේ අධ්‍යක් ෂ කිරිල් දිමිත්‍රියෙෆ් පැමිණ සිටියා.
ඔවුන් දෙදෙනා ඉන්පසුව ක්‍රෙම්ලීනය අසල සර්යද්යේ උද්‍යානයේ ඇවිද යන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල පළවී තිබුණා.
ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් සඳහන් කළේ විට්කොෆ් සහ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් අතර හමුවක් සිදු නොවේ යැයි තමන්ට පැවසිය නොහැකි බවයි.
අගෝස්තු 8 වනදා වනවිට යුක්‍රේන යුද්ධය අවසානයක් කරා නොගෙනෙන්නේ නම් රුසියාවට එරෙහිව මෙන්ම රුසියාවෙන් තෙල් මිලදී ගන්නා රටවලට ද එරෙහිව පියවර ගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54