2025 ජූනි 20, පෙ.ව. 7:15
ඉරානය සමග සාකච්ඡා සිදුවන ආකාරය සලකා බලා එරටට එරෙහිව මිලිටරිමය පියවර ගන්නේද යන තීරණය ගැනීම සති දෙකකින් කල් තැබීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ධවල මන්දිර ප්‍රකාශිකා කැතරින් ලෙවිට් විසින් ඇමරිකාවේ වෙලාවෙන් ඊයේ සවස (ලංකාවේ වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේ) මේ බව නිවේදනය කළා.
ජූනි 13 වනදා ඊශ්‍රායලය විසින් ඉරානයට පහරදීමෙන් අනතුරුව මුලින්ම එම ප්‍රහාරයෙන් දුරස් වීමට ඇමරිකාව උත්සාහ කළ බව පෙනෙන්නට තිබුණා. පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඍජුවම ඊට සම්බන්ධ වන ස්ථාවරයක් පෙන්නුම් කළා. කෙසේ වෙතත් මේ අතරවාරයේ ඔහුගේ මැදපෙරදිග පිළිබඳ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් දිගටම ඉරාන විදේශ ඇමති අබ්බාස් අරාග්චි සමග සාකච්ඡා පැවැත්වූයේ යැයි ද වාර්තා වී තිබෙනවා.
ඊශ්‍රායලය තම සහයට එක්වන ලෙස දිගින් දිගටම ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඊශ්‍රායල නායකත්වය සහ දේශපාලකයන් සඳහන් කරන්නේ ඉරානය දුර්වල වී ඇති මේ අවස්ථාවේ මෙම ප්‍රහාර නැවැත්විය යුතු නොවන බවයි. ඉරානයේ ඉස්ලාමික විප්ලවීය මුරභට හමුදාවේ හිටපු ප්‍රධානී මොහ්සින් රසායි ද පවසන්නේ ඊශ්‍රායලය දුර්වල වී ඇති බැවින් මේ අවස්ථාවේ ඉරානය ද සිය මෙහෙයුම් නොනැවැත්විය යුතු බවයි.
2025 ජූනි 20, පෙ.ව. 7:01
2025 ජූනි 18, පෙ.ව. 7:14
2025 ජූනි 17, ප.ව. 3:45
2025 ජූනි 17, පෙ.ව. 6:36
2025 ජූනි 16, ප.ව. 10:04